Sunday, March 28, 2010

windows දැම්මම නැතිවුන ubuntu grub2/grub එක නැවත install කිරීම.

Operating system (linux/windows) දෙකක් භාවිතා කරන අයට ගොඩක් වෙලාවට මුහුන පෑමට සිදුවන ගැටලුවක් තමයි, මොනවහරි වෙලා නැවත windows දැම්මම grub එක මැකිලා යන එක. ඒ කියන්නේ linux මෙහෙයුම් පද්දතියට යාමට නොහැකි වීමයි. මේ වගේ වෙලාවට අපි කරන්නේ ubuntu(linux) නැවත install කරන එකනේ. හැබැයි ඉතින් එක ගොඩ වෙදකමක් වගේනේ. පොඩි වැඩකින් නැවත grub එක දාගන්න පුලුවන්. අවශ්‍ය වන්නේ ubuntu live cd එකක් විතරයි.

තිබුනේ grub2 නම් මෙන්න ක්‍රමය...(ubuntu 9.10)

1. live cd එකෙන් boot කරන්න.

2. අග්‍රය(terminal) එක ගන්න.

3. gui එක මගින් හො terminal එකෙන් ubuntu(linux) දාලා තිබුන filesystem එක mount කරන්න.
(Places -> MyComputer යන්න. උබුන්ටු දාලා තිබුන filesystem(harddisk partition) එක click කරන්න.)

4. දැන් මෙන්න මේ command එක type කරන්න.

$mount | tail -1

දැන් මෙන්න මේ වගෙ එකක් දකින්න ලැබෙයි.
/dev/sda6 on /media/0d104aff-ec8c-44c8-b811-92b993823444 type ext4 (rw,nosuid,nodev,uhelper=dev

5. ඊට පස්සේ මෙන්න මෙහෙම type කරන්න. මම bold කරල තියෙන දෙක අනිවාර්යෙන් සමාන වෙන්න ඔන.

$sudo grub-install --root-directory=/media/0d104aff-ec8c-44c8-b811-92b993823444 /dev/sda

6. හරි දැන් grub2 එක ඇවිල්ල තියෙන්න.ඒත් windows යන entry එක තාම වැඩ කරන්නෙ නෑ. දැන් reboot කරන්න. දැන් grub එක එයි. නමුත් මේකෙන් windows යන්න බැ. දැන් live cd එක නැතුව hard disk එකෙන් linux boot කරගන්න. (සමහර වෙලාවට වැඩ කරනවා.)

7.terminal එක අරගෙන මේ code එක ගහන්න.
$sudo update-grub
(give password)
8. වැඩේ හරි...

තිබුනේ grub1 නම් මෙන්න ක්‍රමය...(ubuntu 9.04 or below)

1. live cd එකෙන් boot කරන්න.
2. අග්‍රය(terminal) එක ගන්න.
3. දැන් මෙන්න මේ command එක type කරන්න.
$sudo grub
දැන් terminal එක grub prompt එකට මාරු වෙනවා.terminal එක මේ වගේ වෙයි.
grub>

4. මේ command එක type කරන්න.
grub>find /boot/grub/stage1
දැන් මෙන්න මේ වගෙ එකක් දකින්න ලැබෙයි.
(hdx,y)
මෙහි x හා ‍y වෙනුවට අගයන් ලැබේවි.උදා:- (hd0,4)

5. මේ command type කරන්න.
grub>root (hdx,y)
grub>setup (hdx)
grub>quit
$sudo reboot
මෙහි x හා ‍y වෙනුවට ඔබට ලැබුන අගයන් දමන්න.

මෙම ක්‍රම දෙකම මවිසින් අත්හදා බලා ඇති අතර ප්‍රශ්නයක් ඇත්නම් සදහන් කරන්න.ස්තූතියි.

2 comments:

හිතෙන ඕනම දෙයක් මෙතන ලියලා යන්න...