Monday, October 4, 2010

Offline dictionary for ubuntu 10.04

උබුන්ටු වලට default install කරලා තියෙන්නේ online dictionary එකක්. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න නම් හැම වෙලාවෙම Internet තියෙන්න ඕන.INTERNET නැති වෙලාවට හරි connection slow වෙලාවට මෙම dictionary එක භාවිතා කිරීමට අපහසුයි. පහතින් තියෙන ක්‍රමයෙන් පුලුවන් මේ dictionary එක offline වැඩ කරන විදියට හදාගන්න...

terminal (Application -> Accessories -> Terminal ) එක අරගෙන පහත command 3 run කරන්න. නැත්නම් synaptic package manager (System -> Administration -> synaptic package manager) එක අරගෙන package name 3 type කරලා install කරගන්න...

sudo apt-get install dictd
sudo apt-get install dict-gcide
sudo apt-get install dict-moby-thesaurus

dictd – This is the Dictionary server which supports DICT protocol.
dict-gcide – English Dictionary
dict-moby-thesaurus – thesaurus data source in English. This is an optional one

හරි දැන් dictionary server එක install වෙලා තියෙන්නේ. දැන් මේක dictionary එකට add කරන්නේ මේ විදියට...

1.  Dictionary එක open කරගන්න.


2. Edit –> Preference


3. Add button එක click කරන්න.

 4. මේ Details ටික Enter කරන්න.
     Dictionary name : Default
     Transport : Dictionary Server
     Hostname : 127.0.0.1
     Port : 2628
දැන් අපිට dictionary එක offline වැඩ කරන්න පුලුවන්.
Read more ...

Thursday, June 24, 2010

සුබස වෙබ් අඩවිය... - සිංහලෙන් දෙයක්

මෙය සිංහල භාෂාව සඳහා සබැඳි සේවා සපයන වෙබ් අඩවියකි. පරිගණකයෙහි සිංහල භාෂාවෙන් කටයුතු කිරීම පහසු කිරීමට මෙම වෙබ් අඩවිය ඔබට උපකාරී වෙයි. මෙහි සබැඳි සිංහල යතුරු පුවරුව සහ ඉංග්‍රීසි අකුරු සිංහල අකුරු බවට හරවන මෘදුකාංගය පරිගණකයෙහි සිංහල යතුරු පුවරුව නුහුරු ඔබට මහත් අස්වැසිල්ලකි. සිංහලෙන් යතුරු ලියනය කළ ලියවිලිවල අක්ෂර වින්‍යාසය පරීක්ෂා කර ගැනීමට මෙහි අක්ෂර වින්‍යාස පරීක්ෂකය ඔබට උපකාරී වනු ඇත. එසේ ම යුනිකෝඩ් නොවන ෆොන්ට් භාවිතයෙන් යතුරු ලියනය කළ ලියවිලි යුනිකෝඩ් බවට පරිවර්තනය කරන මෘදුකාංගයක්, වෙබ් පිටුවල ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්තනය කරන මෘදුකාංගයක් සහ පැරණි සාහිත්‍ය කෘති නොමිලේ ලබා දෙන සේවාවක් මෙම අඩවියෙන් ලබා දෙන අන්තර්ජාල සේවාවන්ට අයත් වේ.





Read more ...

Sunday, May 9, 2010

facebook එකේ photos බලන්න ලෙහෙසි විදියක්


facebook එකේ සාමාන්‍යයෙන් photos බලන්න ගියාම එකින් එකට click කර කර බලන්න වෙනවනේ. photos 100 ක විතර album එකක් බලන්න වුනොත් කොහොමද? මම මේ කියන විදියෙන් ඉතාම පහසුවෙන් වැඩේ කරගන්න පුලුවන්. හැබැයි ඒක කරන්න පුලුවන් මම දන්න විදියට Google chrome හා mozilla Firefox යන browser දෙකෙන් විතරයි(IE වලට වැඩද දන්නේ නෑ). chrome වලට නම් facebook photo zoom කියන extension එකත්, firefox වලට මේ නමින්ම ඇති addon එකත් install කරාම වැඩේ හරි.chrome වල tools -> Extension තුලිනුත් firefox වල tools -> Add-ons තුලිනුත් install කරන වැඩේ කරගන්න පුලුවන්.install කරාට පස්සේ ඉහත රෑපයේ මෙන් අමතර icon එකක් facebook එකට log වුනාම ඒවි.(රතු පාටින් ඇති කොටුව බලන්න) එකෙන් පුලුවන් මේ පහසුකම enable/disable කරන්න. දැන් ඔබට අවශ්‍ය රූපය ලගට mouse pointer එක ගෙනියන්න.facebook interface එකේ තියෙන ඕනම රූපයකට මේක වැඩ.
Read more ...

Monday, April 26, 2010

ලොව තුනීම ලැප්ටොප් එක - Dell adamo xps


මෙතෙක් ලොව නිපදවා ඇති laptop අතුරින් තුනීම laptop එකට හිමි ගෞරවය හිමිවන්නේ dell adamo-XPS laptop එකටය. 9.9mm ගනකමකින් යුක්ත මෙය නිකුත් කරන ලද්දේ ඩෙල් සමාගම විසින් 2009 නොවෙම්බර් දීය. එතෙක් ලොව තුනීම laptop එක වූයේ mac විසින් නිපදවූ mac air යන ලැප්ටොප් එකටය.



සාම්ප්‍රදායික laptop ආකෘතියෙන් වෙනස් වන පරිදි නිපදවා ඇති මෙය විවෘත කල යුත්තේ (keyboard එක ලබා ගැනීමට) ඇගිලි සලකුන(finger print) ආධාරයෙනි.

විස්තර
13.4 inch display screen
4GB DDR3 800 memory
Intel Core 2 Duo (1.4Ghz) ultra-low voltage processor
128GB solid-state drive
built-in 802.11n wireless
2x USB 2.0
Ethernet connection (through a dongle)
Windows 7 64-bit edition
very low voltage

අලංකාර නිල වෙබ් අඩවිය
Read more ...

Rocket torrent මෘදුකාංගය



web site වල ටොරන්ට් search නොකර ලේසියෙන්ම ටොරන්ට් බාන්න පුලුවන් software එකක් තමයි, rocket torrent කියන්නේ. මේ sotware එකෙ online radio, tv shows, softwares, games සහ online chat යන දේවල් ඇතුලත් වෙලා තියෙනවා. bit torrent client එක වගේ හැබැයි ඊට වඩා ගොඩක් දියුනු මට්ටමේ සොෆ්ට්වෙයාර් එකක් ලෙස මේක සලකන්න පුලුවන්.(මෙය vuze software එකටත් වඩා දියුනු මට්ටමක පවතිනවා).
මෙය install කරන්න ඔබේ පරිගනකයෙ java තියෙන්න ඕන. නැත්නම් install වෙද්දි java download වෙලා install වෙයි. මෙතනින් බාගන්න.
Read more ...

Sunday, March 28, 2010

windows දැම්මම නැතිවුන ubuntu grub2/grub එක නැවත install කිරීම.

Operating system (linux/windows) දෙකක් භාවිතා කරන අයට ගොඩක් වෙලාවට මුහුන පෑමට සිදුවන ගැටලුවක් තමයි, මොනවහරි වෙලා නැවත windows දැම්මම grub එක මැකිලා යන එක. ඒ කියන්නේ linux මෙහෙයුම් පද්දතියට යාමට නොහැකි වීමයි. මේ වගේ වෙලාවට අපි කරන්නේ ubuntu(linux) නැවත install කරන එකනේ. හැබැයි ඉතින් එක ගොඩ වෙදකමක් වගේනේ. පොඩි වැඩකින් නැවත grub එක දාගන්න පුලුවන්. අවශ්‍ය වන්නේ ubuntu live cd එකක් විතරයි.

තිබුනේ grub2 නම් මෙන්න ක්‍රමය...(ubuntu 9.10)

1. live cd එකෙන් boot කරන්න.

2. අග්‍රය(terminal) එක ගන්න.

3. gui එක මගින් හො terminal එකෙන් ubuntu(linux) දාලා තිබුන filesystem එක mount කරන්න.
(Places -> MyComputer යන්න. උබුන්ටු දාලා තිබුන filesystem(harddisk partition) එක click කරන්න.)

4. දැන් මෙන්න මේ command එක type කරන්න.

$mount | tail -1

දැන් මෙන්න මේ වගෙ එකක් දකින්න ලැබෙයි.
/dev/sda6 on /media/0d104aff-ec8c-44c8-b811-92b993823444 type ext4 (rw,nosuid,nodev,uhelper=dev

5. ඊට පස්සේ මෙන්න මෙහෙම type කරන්න. මම bold කරල තියෙන දෙක අනිවාර්යෙන් සමාන වෙන්න ඔන.

$sudo grub-install --root-directory=/media/0d104aff-ec8c-44c8-b811-92b993823444 /dev/sda

6. හරි දැන් grub2 එක ඇවිල්ල තියෙන්න.ඒත් windows යන entry එක තාම වැඩ කරන්නෙ නෑ. දැන් reboot කරන්න. දැන් grub එක එයි. නමුත් මේකෙන් windows යන්න බැ. දැන් live cd එක නැතුව hard disk එකෙන් linux boot කරගන්න. (සමහර වෙලාවට වැඩ කරනවා.)

7.terminal එක අරගෙන මේ code එක ගහන්න.
$sudo update-grub
(give password)
8. වැඩේ හරි...

තිබුනේ grub1 නම් මෙන්න ක්‍රමය...(ubuntu 9.04 or below)

1. live cd එකෙන් boot කරන්න.
2. අග්‍රය(terminal) එක ගන්න.
3. දැන් මෙන්න මේ command එක type කරන්න.
$sudo grub
දැන් terminal එක grub prompt එකට මාරු වෙනවා.terminal එක මේ වගේ වෙයි.
grub>

4. මේ command එක type කරන්න.
grub>find /boot/grub/stage1
දැන් මෙන්න මේ වගෙ එකක් දකින්න ලැබෙයි.
(hdx,y)
මෙහි x හා ‍y වෙනුවට අගයන් ලැබේවි.උදා:- (hd0,4)

5. මේ command type කරන්න.
grub>root (hdx,y)
grub>setup (hdx)
grub>quit
$sudo reboot
මෙහි x හා ‍y වෙනුවට ඔබට ලැබුන අගයන් දමන්න.

මෙම ක්‍රම දෙකම මවිසින් අත්හදා බලා ඇති අතර ප්‍රශ්නයක් ඇත්නම් සදහන් කරන්න.ස්තූතියි.
Read more ...

Sunday, February 14, 2010

අත ද? මූණ ද? අත නැතුව මූණෙන් mouse එක පාලනය කිරීම.

මේකත් face recognition තාක්ෂණය භාවිතා කරලා තමයි හදලා තියෙන්නෙ. මූලික පහසුකම වන්නේ mouse pointer එක මූණ move කරන විදියට move කිරීමයි.eViacam, GPL licence එකෙන් එන නිදහස් මෘදුකාංගයක්. 2.5mb size එකකින් යුක්ත මෙම මෘදුකාංගය මෙතනින් බාගන්න.



install කරාට පස්සේ මේ විදියේ application එකක් එයි. මේ මැද තිබෙන කොටුවෙන් තමා මූන select කරන්නේ.ඒකෙ size එක වෙනස් කිරීමෙන් සුදුසු ආකාරයකට සාදාගන්න. වැඩ කරන විදිය ගැන වැඩිපුර තොරතුරු මේ video එකෙන් බලා ගන්න.

තව මෙවැනි මෘදුකාංග බොහොමයක් තිබෙන අතර මෙය භාවිතයට ඉතා පහසු මෘදුකාංගයකි.
Read more ...

Saturday, February 13, 2010

හැමදාම log වෙන්නෙ password type කරලද? මූන පෙන්නලා ලොග් වෙලා බලන්න.

windows login prompt එකේ පාස්වර්ඩ් එක වෙනුවට මූන පෙන්නලා ලොග් වෙන්න පුලුවන් software එකක් තමයි lenove veriface කියන්නෙ.මේකෙන් ලොග් වෙන්න විතරක් නෙවේ password bank විදියට එකක් පාවිච්චි කරන්න පුලුවන්. ඒ කියන්නේ හිතන්න ෆේස්බුක් ලොග් වෙන්න ඔන වුනොත් username, password type කරන්න ඔනනෙ.මෙකෙන් පුලුවන් automatically log වෙන්න.(finger print වගෙ).



තව පහසුකමක් තමයි,file encrypt/decrypt කිරීම. ඒ කියන්නෙ අපිට වැදගත් file වලට මෙ software එකෙන් පුලුවන් යම් විදියක ආරක්ෂාවක් දෙන්න. file එකක් මේ විදියට ලොක් කරාම ආයෙ open කරන්න මූන පෙන්නුවම ඇති.

අපිට හොරාට ලොග් වෙන්න හදපු අයගෙ මූනු එක්කම බලාගන්න පුලුවන් පහසුකමකුත් මේකෙම තියෙනවා.ඒ කියන්නෙ ලොග් රිපොර්ට් එකක් හැදෙනවා. ඒකෙ ලොග් වෙන්න හදපු අය,ලොග් වුන අය, එ එ වෙලාවන් ඔක්කොම තියෙනවා. හොරු අල්ලන එක සිම්පල්.



පොඩි අවුලකට තියෙන්නෙ හැම වෙබ්කැම් එකකටම මේක වැඩ කරන්නෙ නෑ. hp ලැප් වලට මම දන්න තරමින් වැඩ නෑ. ඩෙල්, ඇසූස්, ලෙනොව් වලට නම් ෂුවර් වැඩ. මේකට හේතුව camera එකේ frame rate එකයි. මේ සොෆ්ට්වෙයාර් එකට ගැලපෙන frame rate එක නැත්නම් සොරි.
මම මේක මූනු විස්සක් විතර දාලා ලොග් වෙන්න බලලා තියෙනවා. මගේ මූනට විතරයි හරිගියේ. security ලෙවල් එක වැඩි කරාම මාත් ලොග් වෙන්නෙ අමාරුවෙන්.
මෙතනින් බාගන්න.
Read more ...

Friday, January 22, 2010

Desktop එකට හැමදාම දාන්නෙ photos විතරද? වෙනසකටත් එක්ක Web page එකක් දාල බලමුද?

සමහර අයගෙ Desktop නම් මාර ලස්සනයි. තවත් අයගේ desktop එක recycle bin එක වගේ.පොඩි වෙනසකටත් එක්ක හැමදාම දකින photo එක වෙනුවට web page එකක් සෙට් කරමු. එකම හා මූලික අවශ්යතාව පරිගනකය අන්තර්ජාලය හා සම්බන්ද වී තිබීම පමණයි. මේ වැඩේ පොඩි HTML code කෑල්ලකින් කර ගන්න පුලුවන්. මෙන්න code එක.

< html >
< body>
< iframe src ="http://www.google.com" width = "100%" height="100%">
</iframe>
</body>
</html>

මේක notepad එකේ type කරලා anyname.html විදියට save කරන්න. පස්සෙ desktop back ground window එකේදි Browse දීල මේ web page එක select කරන්න. ඊට පස්සෙ desktop එක මේ වගෙ වේවි. http://www.google.com වෙනුවට කැමති site එකක් දෙන්න.

Read more ...

Tuesday, January 19, 2010

FAT in to 64 . exFat file system එක අත්හදා බලන්න.

Microsoft ලගෙ අලුත් File System ගැන ලියන්න ඔන කියලා හිතුනා. exFat තමයි ඒ System එක.Extended file allocation table – FAT64. USB flash drive වලට තමයි මේක වඩාත්ම ගැලපෙන්නෙ.2006 නොවැම්බර්වල මේක නිකුත් වුනත් තාමත් develop වෙමින් පවතිනවා. Windows 7 වල හොද version එකක් තියෙනව වුනාට format කරන්න පුලුවන් USB පෙන් විතරයි.
මූලික වශයෙන් මෙය නිකුත් වුනේ NTFS වල තිබෙන දුර්වලතාවලට විසදුමක් ලෙසයි. Windows xp හා windows server 2003 මෙම FS එකට support නොකලත් මෙම මෙහෙයුම් පද්දති update කල පසු භාවිතා කරන්න පුලුවන්.(xp service pack3 support).මෙම file system එක ලිනක්ස් කර්නලයටත් සපොර්ට් කරන අතර read/write වීම හොදින් සිදුවේ.හැබැයි ලිනක්ස් කර්නලයට මේක under developing තත්වයේ තමයි පවතින්නේ.

විශේෂ ලක්ෂණ

Free space bitamp යන තාක්ෂනයෙන් ඉතිරි ඉඩ වෙන්කිරීම හා මකා දැමීම යන ක්‍රියාකාරීත්වයන් වැඩි දියුනු කර ඇත.
Sector size 512 සිට 4096 byte
Cluster size 32MIB
උපරිම file size එක 512 TIB (fat32 - 4.2GIB)
folder ඇතුලේ තියෙන්න පුලුවන් උපරිම file ගනන 2 796 202
Read more ...