Thursday, June 7, 2012

Firefox 3D view

මේක ටිකක් විතර පරන දෙයක්, ගොඩක් අය මේක දන්නවත් ඇති. 2012. 03. 12 තමා mozilla firefox මගින් නිල වශයෙන් මේ developer tool නිකුත් කරලා තියෙන්නේ. web-GL පදනම් කරගත් මෙය වෙබ් අඩවියේ ව්‍යුහය සහ දෘෂ්ඨි සංකලනය(visualization) නැරඹීම යන පහසුකම් සපයනවා.ඊට අමතරව css live edit පහසුකමද මින් සලසනවා. firefox 12, 13 යන සංස්කරණයන් සදහා මෙය inbuild ලෙස පැමිනෙන අතර tilt නමින් මෙම පහසුකමම සපයන addon එකක් ඇති අතර එය ද භාවිතා කල හැක. ඔබ කල යුත්තේ අවශ්‍ය වෙබ් අඩවිය මත right click කර inspect elements(Q) click කිරීමයි. ඉන්පසු ඔබගේ browserයේ පහල එන bar එකෙන් 3D view යන්න click කරන්න.

වැඩි විස්තර මෙම video එකෙන් බලා ගන්න.

Screen shot - click to enlarge

Read more ...

Wednesday, August 17, 2011

OpenCV ඉගෙන ගන්න.

OpenCV කියන්නේ image processing සදහා වුන C++ library එකක්. මෙය විවිධ මෙහෙයුම් පද්ධති තුල බාවිතා කල හැකි ඉතා උසස් ගනයේ Library එකක්. මෙය වින්ඩෝස් තුල Visual studio IDE එක හරහා පහසුවෙන් බාවිතා කල හැකිය. මේ ලින්ක් එකෙන් OpenCV බාගත කරගන්න. මේ ලින්ක් එකෙන් පිහිටුවන ආකාරය බලා ගන්න.


පිහිටුවීමට උපදෙස් :--
1. OpenCV-2.3.0-win-superpack.exe එක, c:/program files/opencv2.3 තුලට exract කරගන්න.
2. Control PanelSystem and SecuritySystemAdvanced system settings Advanced tabEnvironment Variables. යන පියවරවලින් Environment variables, open කරගන්න.
3. ඉන්පසු system variables තුල ඇති path, select කර edit කරන්න.
4. මෙම පේලිය එයට add කරන්න.
;C:\Program Files\OpenCV2.3\build\bin\;C:\Program Files\OpenCV2.3\build\x86\vc10\bin\
5. පරිගනකය නැවත පනගන්වන්න.
6. Visual studio 2010 විවෘත කරගන්න.
7. නව c++ project එකක් විවෘත කරගන්න.
8. Project  Properties 


9. Configuration Properties → C++ → General

10. දැන් මේකේ Additional Include Directories එකට පහත පේලිය ඇඩ් කරන්න.
      "C:\Program Files\OpenCV2.3\build\x86\vc10\lib\opencv_core230d.lib";"C:\Program                 Files\OpenCV2.3\build\x86\vc10\lib\opencv_highgui230d.lib";"C:\Program Files\OpenCV2.3\build\x86\vc10\lib\opencv_video230d.lib";"C:\Program Files\OpenCV2.3\build\x86\vc10\lib\opencv_ml230d.lib";"C:\Program Files\OpenCV2.3\build\x86\vc10\lib\opencv_legacy230d.lib";"C:\Program Files\OpenCV2.3\build\x86\vc10\lib\opencv_imgproc230d.lib";%(AdditionalDependencies)

11. Configuration Properties → Linker → General


12. මේකේ Additional Library Directories එකට පහත පේලිය ඇඩ් කරන්න.

"C:\Program Files\OpenCV2.3\build\x86\vc10\lib;"

13. Configuration Properties → Linker → input


14. Additional Dependencies එකට පහත පේලිය ඇඩ් කරන්න.
kernel32.lib;user32.lib;gdi32.lib;winspool.lib;comdlg32.lib;advapi32.lib;shell32.lib;ole32.lib;oleaut32.lib;uuid.lib;odbc32.lib;odbccp32.lib;"C:\Program Files\OpenCV2.3\build\x86\vc10\lib\opencv_core230d.lib";"C:\Program Files\OpenCV2.3\build\x86\vc10\lib\opencv_highgui230d.lib";"C:\Program Files\OpenCV2.3\build\x86\vc10\lib\opencv_video230d.lib";"C:\Program Files\OpenCV2.3\build\x86\vc10\lib\opencv_ml230d.lib";"C:\Program Files\OpenCV2.3\build\x86\vc10\lib\opencv_legacy230d.lib";"C:\Program Files\OpenCV2.3\build\x86\vc10\lib\opencv_imgproc230d.lib";%(AdditionalDependencies)

15. දැන්  visual studio වලට opencv configure වෙලා ඉවරයි. (for x64 users follow this link)

16. දැන් පහත තියෙන sample code එක type කරලා බලන්න, run වෙනවද කියලා...

#include "stdafx.h"
#include
#include

int _tmain(int argc, _TCHAR* argv[])
{
    IplImage *img = cvLoadImage("2.jpg", CV_LOAD_IMAGE_COLOR);
    CvFont font;
    cvInitFont(&font, CV_FONT_HERSHEY_SIMPLEX, 1.0, 1.0, 0, 1, CV_AA);
    cvPutText(img, "Hello World!", cvPoint(10, 130), &font, cvScalar(255, 255, 255, 0));
    cvNamedWindow("image", CV_WINDOW_AUTOSIZE);
    cvShowImage("image", img);
    cvWaitKey(0);
    cvDestroyWindow("image");
    cvReleaseImage( &img );
    return 0;
}

17. Project එක build කරන්න. (ctrl+shift+b)

18. දැන් project එක run කරන්න. මුකුත් පෙන්වන්නේ නැත්නම් project folder එකේ release තුල ඇති xxxx.exe එක double click කර run කරන්න.

19. තව දුරටත් opencv ගැන ඉදිරියෙදි කතා කරමු.
Read more ...

Monday, October 4, 2010

Offline dictionary for ubuntu 10.04

උබුන්ටු වලට default install කරලා තියෙන්නේ online dictionary එකක්. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න නම් හැම වෙලාවෙම Internet තියෙන්න ඕන.INTERNET නැති වෙලාවට හරි connection slow වෙලාවට මෙම dictionary එක භාවිතා කිරීමට අපහසුයි. පහතින් තියෙන ක්‍රමයෙන් පුලුවන් මේ dictionary එක offline වැඩ කරන විදියට හදාගන්න...

terminal (Application -> Accessories -> Terminal ) එක අරගෙන පහත command 3 run කරන්න. නැත්නම් synaptic package manager (System -> Administration -> synaptic package manager) එක අරගෙන package name 3 type කරලා install කරගන්න...

sudo apt-get install dictd
sudo apt-get install dict-gcide
sudo apt-get install dict-moby-thesaurus

dictd – This is the Dictionary server which supports DICT protocol.
dict-gcide – English Dictionary
dict-moby-thesaurus – thesaurus data source in English. This is an optional one

හරි දැන් dictionary server එක install වෙලා තියෙන්නේ. දැන් මේක dictionary එකට add කරන්නේ මේ විදියට...

1.  Dictionary එක open කරගන්න.


2. Edit –> Preference


3. Add button එක click කරන්න.

 4. මේ Details ටික Enter කරන්න.
     Dictionary name : Default
     Transport : Dictionary Server
     Hostname : 127.0.0.1
     Port : 2628
දැන් අපිට dictionary එක offline වැඩ කරන්න පුලුවන්.
Read more ...

Thursday, June 24, 2010

සුබස වෙබ් අඩවිය... - සිංහලෙන් දෙයක්

මෙය සිංහල භාෂාව සඳහා සබැඳි සේවා සපයන වෙබ් අඩවියකි. පරිගණකයෙහි සිංහල භාෂාවෙන් කටයුතු කිරීම පහසු කිරීමට මෙම වෙබ් අඩවිය ඔබට උපකාරී වෙයි. මෙහි සබැඳි සිංහල යතුරු පුවරුව සහ ඉංග්‍රීසි අකුරු සිංහල අකුරු බවට හරවන මෘදුකාංගය පරිගණකයෙහි සිංහල යතුරු පුවරුව නුහුරු ඔබට මහත් අස්වැසිල්ලකි. සිංහලෙන් යතුරු ලියනය කළ ලියවිලිවල අක්ෂර වින්‍යාසය පරීක්ෂා කර ගැනීමට මෙහි අක්ෂර වින්‍යාස පරීක්ෂකය ඔබට උපකාරී වනු ඇත. එසේ ම යුනිකෝඩ් නොවන ෆොන්ට් භාවිතයෙන් යතුරු ලියනය කළ ලියවිලි යුනිකෝඩ් බවට පරිවර්තනය කරන මෘදුකාංගයක්, වෙබ් පිටුවල ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්තනය කරන මෘදුකාංගයක් සහ පැරණි සාහිත්‍ය කෘති නොමිලේ ලබා දෙන සේවාවක් මෙම අඩවියෙන් ලබා දෙන අන්තර්ජාල සේවාවන්ට අයත් වේ.





Read more ...

Sunday, May 9, 2010

facebook එකේ photos බලන්න ලෙහෙසි විදියක්


facebook එකේ සාමාන්‍යයෙන් photos බලන්න ගියාම එකින් එකට click කර කර බලන්න වෙනවනේ. photos 100 ක විතර album එකක් බලන්න වුනොත් කොහොමද? මම මේ කියන විදියෙන් ඉතාම පහසුවෙන් වැඩේ කරගන්න පුලුවන්. හැබැයි ඒක කරන්න පුලුවන් මම දන්න විදියට Google chrome හා mozilla Firefox යන browser දෙකෙන් විතරයි(IE වලට වැඩද දන්නේ නෑ). chrome වලට නම් facebook photo zoom කියන extension එකත්, firefox වලට මේ නමින්ම ඇති addon එකත් install කරාම වැඩේ හරි.chrome වල tools -> Extension තුලිනුත් firefox වල tools -> Add-ons තුලිනුත් install කරන වැඩේ කරගන්න පුලුවන්.install කරාට පස්සේ ඉහත රෑපයේ මෙන් අමතර icon එකක් facebook එකට log වුනාම ඒවි.(රතු පාටින් ඇති කොටුව බලන්න) එකෙන් පුලුවන් මේ පහසුකම enable/disable කරන්න. දැන් ඔබට අවශ්‍ය රූපය ලගට mouse pointer එක ගෙනියන්න.facebook interface එකේ තියෙන ඕනම රූපයකට මේක වැඩ.
Read more ...

Monday, April 26, 2010

ලොව තුනීම ලැප්ටොප් එක - Dell adamo xps


මෙතෙක් ලොව නිපදවා ඇති laptop අතුරින් තුනීම laptop එකට හිමි ගෞරවය හිමිවන්නේ dell adamo-XPS laptop එකටය. 9.9mm ගනකමකින් යුක්ත මෙය නිකුත් කරන ලද්දේ ඩෙල් සමාගම විසින් 2009 නොවෙම්බර් දීය. එතෙක් ලොව තුනීම laptop එක වූයේ mac විසින් නිපදවූ mac air යන ලැප්ටොප් එකටය.



සාම්ප්‍රදායික laptop ආකෘතියෙන් වෙනස් වන පරිදි නිපදවා ඇති මෙය විවෘත කල යුත්තේ (keyboard එක ලබා ගැනීමට) ඇගිලි සලකුන(finger print) ආධාරයෙනි.

විස්තර
13.4 inch display screen
4GB DDR3 800 memory
Intel Core 2 Duo (1.4Ghz) ultra-low voltage processor
128GB solid-state drive
built-in 802.11n wireless
2x USB 2.0
Ethernet connection (through a dongle)
Windows 7 64-bit edition
very low voltage

අලංකාර නිල වෙබ් අඩවිය
Read more ...