Sunday, February 14, 2010

අත ද? මූණ ද? අත නැතුව මූණෙන් mouse එක පාලනය කිරීම.

මේකත් face recognition තාක්ෂණය භාවිතා කරලා තමයි හදලා තියෙන්නෙ. මූලික පහසුකම වන්නේ mouse pointer එක මූණ move කරන විදියට move කිරීමයි.eViacam, GPL licence එකෙන් එන නිදහස් මෘදුකාංගයක්. 2.5mb size එකකින් යුක්ත මෙම මෘදුකාංගය මෙතනින් බාගන්න.



install කරාට පස්සේ මේ විදියේ application එකක් එයි. මේ මැද තිබෙන කොටුවෙන් තමා මූන select කරන්නේ.ඒකෙ size එක වෙනස් කිරීමෙන් සුදුසු ආකාරයකට සාදාගන්න. වැඩ කරන විදිය ගැන වැඩිපුර තොරතුරු මේ video එකෙන් බලා ගන්න.

තව මෙවැනි මෘදුකාංග බොහොමයක් තිබෙන අතර මෙය භාවිතයට ඉතා පහසු මෘදුකාංගයකි.

7 comments:

  1. WoW ඒකනම් මාරයි.........
    ඒත් පොඩි පුස්නයක් ඩබල් ක්ලික් ක‍රන්නෙ කොහොමද?

    ReplyDelete
  2. එක ක්ලික් එකකට එක පාරක් ඇහැක් ගහන්න. ඩබල් ක්ලික් එකකට දෙපාරයි. හික්ස්...
    මොනා උනත් එල පෝස්ට් එක. ස්තූතියි අපට මේ ගැන කිව්වට

    ReplyDelete
  3. ආ එල එල right click & left click දෙකත් ඒ වගේනේ :D
    බෙල්ලටත් හොද ව්‍යායාමයක් නේ.....

    ReplyDelete
  4. මම මුලින් හිතුවේ විහිළුවක්ද දන්නෙත් නෑ කියල. බලපුවම වැඩේ ඇත්තනේ. ට්‍රයි එකක් දෙන්න ඕන. ස්තුතියි මේක අපි එක්ක බෙදාගත්තට.

    ReplyDelete
  5. ස්තූතියි තරිදු. program එක run වෙනකොට උඩින් එන bar එකෙනුත් click කිරීමේ වැඩේ කරන්න පුලුවන්.
    @දසයා මූණ විතරක් නෙවේ. අත චලනය කිරීමෙනුත් වැඩ කරන මෘදුකාංග තියෙනවා.(mouse එක අතින් අල්ලන්නේ නැතුව)

    ReplyDelete
  6. රයිට් ක්ලික් කරන්න ඕනනම් උඩ ටූල් බාර් එකේ තියන අයිකන් එකක් ක්ලික් කරන්න.

    ReplyDelete
  7. http://www.nidokidos.org/luxand-blink-2-0-t44384.html

    ReplyDelete

හිතෙන ඕනම දෙයක් මෙතන ලියලා යන්න...