Saturday, February 13, 2010

හැමදාම log වෙන්නෙ password type කරලද? මූන පෙන්නලා ලොග් වෙලා බලන්න.

windows login prompt එකේ පාස්වර්ඩ් එක වෙනුවට මූන පෙන්නලා ලොග් වෙන්න පුලුවන් software එකක් තමයි lenove veriface කියන්නෙ.මේකෙන් ලොග් වෙන්න විතරක් නෙවේ password bank විදියට එකක් පාවිච්චි කරන්න පුලුවන්. ඒ කියන්නේ හිතන්න ෆේස්බුක් ලොග් වෙන්න ඔන වුනොත් username, password type කරන්න ඔනනෙ.මෙකෙන් පුලුවන් automatically log වෙන්න.(finger print වගෙ).



තව පහසුකමක් තමයි,file encrypt/decrypt කිරීම. ඒ කියන්නෙ අපිට වැදගත් file වලට මෙ software එකෙන් පුලුවන් යම් විදියක ආරක්ෂාවක් දෙන්න. file එකක් මේ විදියට ලොක් කරාම ආයෙ open කරන්න මූන පෙන්නුවම ඇති.

අපිට හොරාට ලොග් වෙන්න හදපු අයගෙ මූනු එක්කම බලාගන්න පුලුවන් පහසුකමකුත් මේකෙම තියෙනවා.ඒ කියන්නෙ ලොග් රිපොර්ට් එකක් හැදෙනවා. ඒකෙ ලොග් වෙන්න හදපු අය,ලොග් වුන අය, එ එ වෙලාවන් ඔක්කොම තියෙනවා. හොරු අල්ලන එක සිම්පල්.



පොඩි අවුලකට තියෙන්නෙ හැම වෙබ්කැම් එකකටම මේක වැඩ කරන්නෙ නෑ. hp ලැප් වලට මම දන්න තරමින් වැඩ නෑ. ඩෙල්, ඇසූස්, ලෙනොව් වලට නම් ෂුවර් වැඩ. මේකට හේතුව camera එකේ frame rate එකයි. මේ සොෆ්ට්වෙයාර් එකට ගැලපෙන frame rate එක නැත්නම් සොරි.
මම මේක මූනු විස්සක් විතර දාලා ලොග් වෙන්න බලලා තියෙනවා. මගේ මූනට විතරයි හරිගියේ. security ලෙවල් එක වැඩි කරාම මාත් ලොග් වෙන්නෙ අමාරුවෙන්.
මෙතනින් බාගන්න.

7 comments:

  1. හොඳ ආරංචියක්, ස්තූතියි!

    ReplyDelete
  2. face recognition technology වල රඟේ.... :D :D :D

    ReplyDelete
  3. හී හී අනේ පලයන් බොරු නොකිය උඹ ලොග් වෙන්නෙ අමාරුවෙන් නෙමෙයි උඹේ මූණටත් ලොග් වෙන්නෙ නෑ යන්තම් එලිය අඩු වැඩි උන ගමන්. අර උඹ වඳුරා වගේ කැම් එකට එබි එබී ඉන්නේ log වෙනකම්. ඒ මදිවට login එකත් slow වෙනව නේද? ඒවත් කියපන්.

    ReplyDelete
  4. ම්ම්ම් සවුන්ඩ්ස් ගුඩ් :)

    ReplyDelete
  5. ස්තූතියි, ප්‍රතිචාර වලට
    @රවින්ද්‍ර මේක් acer වලටත් වැඩ. දැන් හරිනේ. :-P

    ReplyDelete
  6. බොහෝම ස්තූතියි.....මම ලින්ක් එක සේව් කරගත්තා.....

    ReplyDelete

හිතෙන ඕනම දෙයක් මෙතන ලියලා යන්න...