මෙය සිංහල භාෂාව සඳහා සබැඳි සේවා සපයන වෙබ් අඩවියකි. පරිගණකයෙහි සිංහල භාෂාවෙන් කටයුතු කිරීම පහසු කිරීමට මෙම වෙබ් අඩවිය ඔබට උපකාරී වෙයි. මෙහි සබැඳි සිංහල යතුරු පුවරුව සහ ඉංග්‍රීසි අකුරු සිංහල අකුරු බවට හරවන මෘදුකාංගය පරිගණකයෙහි සිංහල යතුරු පුවරුව නුහුරු ඔබට මහත් අස්වැසිල්ලකි. සිංහලෙන් යතුරු ලියනය කළ ලියවිලිවල අක්ෂර වින්‍යාසය පරීක්ෂා කර ගැනීමට මෙහි අක්ෂර වින්‍යාස පරීක්ෂකය ඔබට උපකාරී වනු ඇත. එසේ ම යුනිකෝඩ් නොවන ෆොන්ට් භාවිතයෙන් යතුරු ලියනය කළ ලියවිලි යුනිකෝඩ් බවට පරිවර්තනය කරන මෘදුකාංගයක්, වෙබ් පිටුවල ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්තනය කරන මෘදුකාංගයක් සහ පැරණි සාහිත්‍ය කෘති නොමිලේ ලබා දෙන සේවාවක් මෙම අඩවියෙන් ලබා දෙන අන්තර්ජාල සේවාවන්ට අයත් වේ.
මමත් මේක දැක්කා , ඕකේ ප්ලගින් එක තමා මට නම් ගොඩක් වටින්නේ ~
ReplyDeleteතව වටින දෙයක් තමයි, පොත්ගුල.ලේසියෙන් හොයාගන්න බැරි පොත් එකේ තියෙනවා, විෂේශයෙන් අපි අතරින් බාවිතයෙන් ඉවත් වන පොත් පත් තියෙනවා..
ReplyDelete