Tuesday, November 24, 2009

උබුන්ටු 9.10 වල grub එකට photo එකක් දාගන්න.

උබුන්ටු 9.10 වල අලුතෙන් හදුන්වල දීපු grub එකට ඕනම color range එකක් තියෙන photos දාන්න පුලුවන්. ම් තව දෙයක් තමයි resolution එක වෙනස් කරන්නත් පුලුවන් වීම. ඉස්සර තිබුන grub (menu.lst) එකේ මේ වගේ දේවල් නෑ.

1. කැමති photos(.png or .tga types වෙන ඒවා), file system එකේ කොතනට හරි දාන්න. (ex : /usr/share/images/grub)

2. නැත්නම් උබුන්ටු වලින් ගන්න. මෙන්න code එක

sudo apt-get install grub2-splashimages

3. ඊට පස්සෙ මේ code එක run කරන්න.

sudo gedit /etc/grub.d/05_debian_theme
දැන් එන code එකේ පොඩි වෙනස් කමක් කරාම වැඩේ හරි.
මෙන්න මේ ලයින් එක බලන්න.

for i in {/boot/grub,/usr/share/images/desktop-base}/moreblue-orbit-grub.{png,tga} ; do

දැන් මේ ලයින් එක පහත විදියට වෙනස් කරන්න.

for i in {/boot/grub,/usr/share/images/desktop-base,/usr/share/images/grub}/xxxxxxxxxxxxxxxx.{png,tga} ; do
මෙහි xxxxxxxxxxx යනු file name එකයි.
බොල්ඩ් කරල තියෙන්නෙ file location එකයි.

4.දැන් මේ code එක run කරන්න.
sudo update-grub



***Menu Resolution වෙනස් කිරීම.

ටර්මිනල් එකේ මේ codes run කරන්න.
1. sudo gedit /etc/default/grub

දැන් එන file එකේ මේ ලයින් එක බලන්න.
GRUB_GFXMODE=640x480

මෙතෙන්ට අවශ්ය resolution එක දෙන්න.
Example: GRUB_GFXMODE=1280x1024

තව එක එක දේවල් edit කරලා බලන්න.
Example: TIMEOUT=3

2. sudo update-grub

ඇත්තම grub එක බලලා edit කරන්න ඕන නම් මේ විදියට කරන්න.
1. Ctrl + Alt + F1
2. log to it.
3. sudo su
4. nano /etc/grub/grub.cfg
මේ file එක fun එකටත් එක්ක edit කරල බලන්න. වග කියනු නොලැබේ.
මේකෙන් මෙනුවල නම්, පාට වෙනස් කරන්න පුලුවන්.
Read more ...